Posts

Showing posts from 2020

python - While Loop

Image
෴  

Python - For loop

Image
For Loop ෴

Python -- IF -IF ELSE - IF ELIF

Image
 if  if else  if elif ෴

පයිතන් භාවිතයෙන් සරල ගණක යන්ත්‍රයක් නිර්මාණය කිරීම.

Image
 විචල්‍ය ‍දෙකක් එකතු කිරීම. අගය යතුරු පුවරුව මඟින් ලබා දීම.  ෴

ගතික වෙබ් පිටුවක් නිර්මාණය - 7 (Create Dynamic Web Page )

Image
වීඩීයෝව සඳහා --> MYSQL ෴

පයිතන් විචල්‍ය අතර පරිවර්තන

සංඛ්‍යා ගණනය කිරීම . a=15 b=5 print (a+b) type(a) type(b)  or a=15 b=5 c=a+b print(c) මෙහි විචල්‍යයේ දත්ත වර්ගය (data type) type( විචල්‍ය නාම ) මඟින් ලබා ගත හැකි වේ. මෙහි a හා b හි දත්ත වර්ගය (data type) int ලෙස හඳුනා ගත හැකි වේ. a=’5’ type(a) මෙහි දී a විචල්‍යයේ දත්ත වර්ගය (data type) str ලෙස හඳුනා ගත හැකි වේ. උඩු කොමා භාවිතා කල ඇති විට දී දත්ත වර්ගය str – String ලෙස හඳුනා ගනියි. පයිතන් විචල්‍ය අතර පරිවර්තන Str විචල්‍යයක් int විචල්‍ය බව‍ට පරිවර්තනය සිදු කරන ආකාරය, a=”15” b=”5” print(a+b) type(a) type(b) මෙහි දී පිළිතුර වශවයෙන් 155 ලැබේ. a හා b එකතු කිරීම සඳහා මෙම විචල්‍ය int බව‍‍ට පරිවර්තනය කල යුතු වේ. එය සිදු කරන ආකාරය c=int(a) මෙහි දී a විචල්‍ය තුළ ඇති දත්තය int බව‍ට පරිවර්තනය කර c විචල්‍ය තුල ගබඩා කර ඇත. d=int(b) මෙහි දී b විචල්‍ය තුළ ඇති දත්තය int බව‍ට පරිවර්තනය කර d විචල්‍ය තුල ගබඩා කර ඇත. Print (a+b) මෙහි දී ප්‍රතිදානය වශයෙන් 20 ලැබේ. මෙලෙස ඔනෑම විචල්‍යක data type එකක් වෙනත් data type එකක් බවට පරිවර්තනය කල හැකි වේ

Python හි භාවිතා වන දත්ත වර්ග ( Data Types in Python) #4

Python හි භාවිතා වන දත්ත වර්ග  ( Data Types in Python)   පසුගිය පාඩමේ දී විචල්‍ය (#3) පිළිබදව සාකච්චා කරන ලදි.  එම විචල්‍ය තුළට ඇතුළත් කරන දත්ත, පරිගණක පද්ධතිය‍ට හඳුනා ගත හැකි ලෙස වර්ග කර ඇත. මෙම පාඩමේ දී එම දත්ත වර්ග කර ඇති ආකාරය පිළිබඳව සාකච්චා කරයි.  එලෙස ම විචල්‍ය සඳහා විවිධ දත්ත ඇතුලත් කල හැකි අතර,ඒවා  ද ත්ත වර්ග(Data Types)/දත්ත ව්‍යුහ ලෙස හැදින් වේ.  දත්ත වර්ග කිහිපයක් පයිතන් ක්‍රම‍ලේඛ කරනයේ දී භාවිතා කරයි. ඒවා නම්, v I nteger   - int v Long v Float v Complex v String -str v List v Tuple v Dictionary ෴

Python විචල්‍ය - #3

Image
 Variables (විචල්‍ය) විචල්‍යක් යනු දත්ත(Data) අඩංගු පෙට්ටියක්(Box) ලෙස සැලකිය හැකි වේ. එම පෙට්ටිය‍‍ට ‍නාමයක් (Box Name) ඇත. ඔනෑම අවස්ථාවක පෙට්ටියේ අඩංගු දත්තය ලබා ගැනීමට පෙට්ටියේ නාමය(Box Name)  ලබා දීමෙන් හැකි වේ. එනම් පෙට්ටි නාමය(Box Name) විචල්‍ය නාමය ලෙස සැලකුව හොත් විචල්‍යට අදාල දත්තය ලබා ගැනීම සඳහා විචල්‍ය නාමය ලබා දීම සිදු කල හැකි වේ. පෙට්ටි නාමය (Box Name)  ==>  CupcakeBox1   පෙට්ටි නාමය ලබා දී මෙන්  පෙට්ටියේ අඩංගු දත්තය ලබා ගැනීමට හැකි‍ වේ. පෙට්ටි නාමය වෙනස් කිරීමක් සිදු නොකර  දත්තය වෙනස් කිරීමට හැකියාවක් ඇත. මෙලෙස ,  විචල්‍යය නාමය ලබා දී මෙන්  විචල්‍ය සඳහා ලබා දී ඇති දත්තය ලබා ගැනීමට හැකියාවක් ඇත. විචල්‍යය නාමය වෙනස් කිරීමක් සිදු නොකර  විචල්‍ය හා බැඳුණු   දත්තය වෙනස් කිරීමට හැකියාවක් ඇත. a = 999 b = "python" c = d = e =1000 ඉහත ආකාරයට Python විචල්‍ය ලිවීම සිදු කරයි. මෙහි දී විචල්‍ය සඳහා ලබා දෙන නම වම්පසින් ද, දකුණුපසින් විචල්‍ය සඳහා ඇතුලත් කරනු ලබන දත්තය සඳහන් කිරීම සිදු කරයි. c,d,e සඳහා එකම අගය ආදේශ කර ඇත.

Python වැඩසටහනක් ලිවීම - #2

Image
නව ‍ ගොනුවක් ලබා ගැනීම. Python වැඩසටහනක් ලිවීම සඳහා Python shell එකෙහි File --> New File හරහා නව ගොනුවක් ලබා ගත හැකි වේ.  නව ‍ ගොනුවක් ලබා ගන්නා ආකාරය පහත රූප සටහනෙහි දැක්වේ.   නව ගොනුවෙහි  කේත සටහන් කිරීම. නව ගොනුව  සුරක්ෂිත කිරීම. File --> Save or Save As.  මගින් Python වැඩසටහන Save කර ගත හැකි වේ.  මෙහි දී භාවිතා කරනු ලබන ග‍ොනු දිගුව (File Extension) .py වේ.   කේතය ක්‍රියාත්මක කිරීම. Python කේතය ක්‍රියාත්මක කිරීම සඳහා Run --> Run Module Or F5 භාවිතා කරයි. කේතය ක්‍රියාත්මක කිරීමෙන් පසු, ----

Python වැඩසටහන පරිගණකයේ ස්ථාපනය කිරීම හා පළමු වැඩසටහන - #1

Image
පයිතන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය IDE සඳහා අදාල setup ගොනුව පහත link එක භාවිතා කරමින් download කර ගත හැකි  වේ. https://www.python.org/downloads/ Python වැඩසටහන පරිගණකයේ ස්ථාපනය (install) කිරීමෙන් පසුව python shell විවෘත කර ගැනීමෙන් කේත ලියා ප්‍රතිදානය ලබ‍ා ගැනීමට හැකියාව ඇත. ඉහත ආකාරය‍ට පයිතන් ‍shell  එක විවෘත කර ගැනීමට හැකියාවක් ඇත.  Python Shell  විවෘත කල පසු පහත ආකාරයට දැක් වේ. Python Shell   එහි ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීම සඳහා පහත කේතය එහි සටහන් කර Enter button එක press කරන්න. print ('hello world')  Enter බොත්තම press කල පසු output එක පහත ආකාරය‍ට දිස්වේ. Python වැඩසටහන පරිගණකයේ ස්ථාපනය (install) කිරීම‍ට අදාල වීඩියෝව සඳහා   ⇨   Python වැඩසටහන පරිගණකයේ ස්ථාපනය කිරීම ෴