පයිතන් විචල්‍ය අතර පරිවර්තන

සංඛ්‍යා ගණනය කිරීම.

a=15

b=5

print (a+b)

type(a)

type(b)

 or

a=15

b=5

c=a+b

print(c)

මෙහි විචල්‍යයේ දත්ත වර්ගය(data type) type(විචල්‍ය නාම) මඟින් ලබා ගත හැකි වේ.

මෙහි a හා b හි දත්ත වර්ගය(data type) int ලෙස හඳුනා ගත හැකි වේ.

a=’5’

type(a)

මෙහි දී a විචල්‍යයේ දත්ත වර්ගය(data type) str ලෙස හඳුනා ගත හැකි වේ. උඩු කොමා භාවිතා කල ඇති විට දී දත්ත වර්ගය str – String ලෙස හඳුනා ගනියි.

පයිතන් විචල්‍ය අතර පරිවර්තන

Str විචල්‍යයක් int විචල්‍ය බව‍ට පරිවර්තනය සිදු කරන ආකාරය,

a=”15”

b=”5”

print(a+b)

type(a)

type(b)

මෙහි දී පිළිතුර වශවයෙන් 155 ලැබේ.

a හා b එකතු කිරීම සඳහා මෙම විචල්‍ය int බව‍‍ට පරිවර්තනය කල යුතු වේ.

එය සිදු කරන ආකාරය

c=int(a)

මෙහි දී a විචල්‍ය තුළ ඇති දත්තය int බව‍ට පරිවර්තනය කර c විචල්‍ය තුල ගබඩා කර ඇත.

d=int(b)

මෙහි දී b විචල්‍ය තුළ ඇති දත්තය int බව‍ට පරිවර්තනය කර d විචල්‍ය තුල ගබඩා කර ඇත.

Print (a+b)

මෙහි දී ප්‍රතිදානය වශයෙන් 20 ලැබේ.

මෙලෙස ඔනෑම විචල්‍යක data type එකක් වෙනත් data type එකක් බවට පරිවර්තනය කල හැකි වේ.

 

 

 


Comments