Python විචල්‍ය - #3

 Variables (විචල්‍ය)


විචල්‍යක් යනු දත්ත(Data) අඩංගු පෙට්ටියක්(Box) ලෙස සැලකිය හැකි වේ. එම පෙට්ටිය‍‍ට ‍නාමයක් (Box Name) ඇත. ඔනෑම අවස්ථාවක පෙට්ටියේ අඩංගු දත්තය ලබා ගැනීමට පෙට්ටියේ නාමය(Box Name)  ලබා දීමෙන් හැකි වේ.

එනම් පෙට්ටි නාමය(Box Name) විචල්‍ය නාමය ලෙස සැලකුව හොත් විචල්‍යට අදාල දත්තය ලබා ගැනීම සඳහා විචල්‍ය නාමය ලබා දීම සිදු කල හැකි වේ.
පෙට්ටි නාමය(Box Name) ==> CupcakeBox1 

පෙට්ටි නාමය ලබා දී මෙන් පෙට්ටියේ අඩංගු දත්තය ලබා ගැනීමට හැකි‍ වේ.
පෙට්ටි නාමය වෙනස් කිරීමක් සිදු නොකර දත්තය වෙනස් කිරීමට හැකියාවක් ඇත.
මෙලෙස , විචල්‍යය නාමය ලබා දී මෙන් විචල්‍ය සඳහා ලබා දී ඇති දත්තය ලබා ගැනීමට හැකියාවක් ඇත.
විචල්‍යය නාමය වෙනස් කිරීමක් සිදු නොකර විචල්‍ය හා බැඳුණු  දත්තය වෙනස් කිරීමට හැකියාවක් ඇත.


    1. a = 999
    2. b = "python"
    3. c = d = e =1000
  • ඉහත ආකාරයට Python විචල්‍ය ලිවීම සිදු කරයි. මෙහි දී විචල්‍ය සඳහා ලබා දෙන නම වම්පසින් ද, දකුණුපසින් විචල්‍ය සඳහා ඇතුලත් කරනු ලබන දත්තය සඳහන් කිරීම සිදු කරයි. c,d,e සඳහා එකම අගය ආදේශ කර ඇත.



  • විචල්‍ය සඳහා ලබා දුන් අගයන් නැවත ලබා ගැනීම (print) පහත ආකාර වලින් සිදු කල හැකි වේ.
පලමු  ආකාරය ,








දෙවන ආකාරය,

විචල්‍ය නාමය ලිවීම සිදු කරන ආකාරය (How Write Variable Name)

පරිගණක භාෂාවන් හි දී විචල්‍ය නාම ලිවීම සඳහා විවිධ නීති පවතී. එම සරල නීති අනුගමනය කරමින් විචල්‍ය නාම ලිවීම සිදු කල යුතු වේ. එසේ ලිවීමෙන් ලියන ලද වැඩසටහන නිවැරදිව ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ලැබේ.Python කේත ක්‍රමයේ දී භාවිතා වන එම නීති,

  • විචල්‍ය නාමය ලිවීමේ දී ආරම්භක අකුර ලෙස ඉලක්කමක් හෝ සංකේතයක් භාවිතා කල නොහැකි වේ.
  • විචල්‍ය නාම ලිවීම සඳහා හිස්තැනක් සහිත වචන දෙකක් භාවිතා නොකල යුතු ය. උ.දා - Hello World 
  • විචල්‍ය  නාම ලිවීම සඳහා වචන දෙකක් ඉහත ආකාරයට භාවිතා කරන විට දී, වචන දෙක අතර හිස්තැන වෙනුවට ( _ ) භාවිතා කර හැකි වේ. උ.දා -Hello_World 
  • විචල්‍ය  නාම ලිවීම සඳහා ඉංග්‍රීසි සිම්පල් අකුරු හෝ කැපිටල් අකුරු භාවිතා කල හැකි වේ. උ.දා - Hello_World , hello_world , hello2

Python විචල්‍ය පිළිබඳ තවදුරටත් වීඩියෝව මඟින්  ⇨ Python විචල්‍ය - #3

Python විචල්‍ය පිළිබඳ ⇨   Slideshare





Comments