Posts

Showing posts from May, 2020

Python හි භාවිතා වන දත්ත වර්ග ( Data Types in Python) #4

Python හි භාවිතා වන දත්ත වර්ග  ( Data Types in Python)   පසුගිය පාඩමේ දී විචල්‍ය (#3) පිළිබදව සාකච්චා කරන ලදි.  එම විචල්‍ය තුළට ඇතුළත් කරන දත්ත, පරිගණක පද්ධතිය‍ට හඳුනා ගත හැකි ලෙස වර්ග කර ඇත. මෙම පාඩමේ දී එම දත්ත වර්ග කර ඇති ආකාරය පිළිබඳව සාකච්චා කරයි.  එලෙස ම විචල්‍ය සඳහා විවිධ දත්ත ඇතුලත් කල හැකි අතර,ඒවා  ද ත්ත වර්ග(Data Types)/දත්ත ව්‍යුහ ලෙස හැදින් වේ.  දත්ත වර්ග කිහිපයක් පයිතන් ක්‍රම‍ලේඛ කරනයේ දී භාවිතා කරයි. ඒවා නම්, v I nteger   - int v Long v Float v Complex v String -str v List v Tuple v Dictionary ෴

Python විචල්‍ය - #3

Image
 Variables (විචල්‍ය) විචල්‍යක් යනු දත්ත(Data) අඩංගු පෙට්ටියක්(Box) ලෙස සැලකිය හැකි වේ. එම පෙට්ටිය‍‍ට ‍නාමයක් (Box Name) ඇත. ඔනෑම අවස්ථාවක පෙට්ටියේ අඩංගු දත්තය ලබා ගැනීමට පෙට්ටියේ නාමය(Box Name)  ලබා දීමෙන් හැකි වේ. එනම් පෙට්ටි නාමය(Box Name) විචල්‍ය නාමය ලෙස සැලකුව හොත් විචල්‍යට අදාල දත්තය ලබා ගැනීම සඳහා විචල්‍ය නාමය ලබා දීම සිදු කල හැකි වේ. පෙට්ටි නාමය (Box Name)  ==>  CupcakeBox1   පෙට්ටි නාමය ලබා දී මෙන්  පෙට්ටියේ අඩංගු දත්තය ලබා ගැනීමට හැකි‍ වේ. පෙට්ටි නාමය වෙනස් කිරීමක් සිදු නොකර  දත්තය වෙනස් කිරීමට හැකියාවක් ඇත. මෙලෙස ,  විචල්‍යය නාමය ලබා දී මෙන්  විචල්‍ය සඳහා ලබා දී ඇති දත්තය ලබා ගැනීමට හැකියාවක් ඇත. විචල්‍යය නාමය වෙනස් කිරීමක් සිදු නොකර  විචල්‍ය හා බැඳුණු   දත්තය වෙනස් කිරීමට හැකියාවක් ඇත. a = 999 b = "python" c = d = e =1000 ඉහත ආකාරයට Python විචල්‍ය ලිවීම සිදු කරයි. මෙහි දී විචල්‍ය සඳහා ලබා දෙන නම වම්පසින් ද, දකුණුපසින් විචල්‍ය සඳහා ඇතුලත් කරනු ලබන දත්තය සඳහන් කිරීම සිදු කරයි. c,d,e සඳහා එකම අගය ආදේශ කර ඇත.